උත්සව සමයට ලංකා සතොස බඩු මිලේ අඩුවක්

එළැඹෙන සිංහල අලුත් අවුරුදු උත්සව සමය නිමිති කොට ලංකා සතොස ආයතනය අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහළ දමා තිබේ.ඒ අනුව අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල ගණන් පහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.වියලි මිරිස් කිලෝවක් රුපියල් 300කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 850කි.චීනයෙන් ආනයනය කරන ලද බී ලූණු කිලෝවක මිල රුපියල් 120කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 375කි.ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් ආනයනය කරන ලද බී ලූණු කිලෝවක මිල රුපියල් 50කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 445 කි.සුදු ලූණු කිලෝවක් රුපියල් 15කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 680කි.අර්තාපල් අල කිලෝවක් රුපියල් 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 165 ක් වන අතර රතු පරිප්පු කිලෝවක් රුපියල් 7කින් ද සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 3කින් ද පහළ දැමීමට ලංකා සතොස තීරණය කර ඇත.

කාලීන පුවත්