උත්සව සමයේ සේල් සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට අනතුරු ඇඟවීමක්

එළඹෙන අවුරුදු උත්සව සමයේ භාණ්ඩ අලෙවි කරනු ලබන ස්ථාන වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෝගික ජනතාව රැවටීම්වලට ලක්වීමට ඉඩ ඇති බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සදහන් කර සිටියි.

එම භාණ්ඩ අලෙවි කරන ස්ථාන “සේල්.. සේල්” නමින් කල් ඉකුත් වීමට ආසන්න භාණ්ඩවල තොරතුරු වෙනස් කර උත්සව සමයේ අලෙවි කිරීම් සිදුවිය හැකි බව එම අධිකාරියේ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර පවසයි.

දිවයිනේ දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලවලට අනුයුක්ත කණ්ඩායම්වල නිලධාරීන් මෙම අවුරුදු කාලසීමාවේදී එලෙස භාණ්ඩ අලෙවි කරන පුද්ගලයින් සොයා දිගටම වැටලීම් සිදුකරන බව ද අධ්‍යක්ෂ අසේල බණ්ඩාර සදහන් කරයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ “1977” දුරකථන අංකයට අමතා මේ සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීමට හැකි බවත් අනතුරුව එම තොරතුරු මත උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවයි.

කාලීන පුවත්