ජාතික අවම වැටුප රුපියල් පන්දහසකින් ඉහළට

2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන පනතේ විධිවිධාන අනුව රුපියල් 12,500/ක් ලෙස නියම කරන ලද ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. ජාතික කම්කරු උපදේශක සභාවේ නිර්දේශ මත පත් කරන ලද කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නියෝජනය කරන වෘත්තීය සමිති සහ‌ සේවා යෝජකයන් ඇතුළත් ත්‍රෛපාර්ශ්වික අනුකමිටුවක් මගින් එම වැටුප රුපියල් 17,500 දක්වා වැඩි කිරීමට නිර්දේශ කර තිබේ.ඒ අනුව ජාතික අවම දෛනික වැටුප ද රුපියල් 500 සිට 700 දක්වා වැඩ කෙරෙනු ඇත.

කාලීන පුවත්