උද්භිද උද්‍යාන ගාස්තු ඉහළට

ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යාන සඳහා දේශීය සහ විදේශීය සංචාරකයන් සඳහා වන ඇතුළුවීමේ ගාස්තු ජුලි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.මීට පෙර දේශීය වැඩිහිටි සංචාරකයන් සඳහා රුපියල් 100ක් සහ ළමුන් සඳහා රුපියල් 20ක් ලෙස අයකිරීම් සිදුකෙරුණු අතර නව ක්‍රමය යටතේ දේශීය වැඩිහිටි පුද්ගලයින් සඳහා ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 200ක් වන අතර ළමුන් සඳහා ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 30ක් වේ.එමෙන්ම විදේශීය වැඩිහිටි සංචාරකයන් සඳහා උද්භිද උද්‍යාන සඳහා ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 3,000ක් වන අතර විදේශීය ළමුන් සඳහා එම ගාස්තුව රුපියල් 1,500ක් බව ගැසට් නිවේදනයේ සඳහන් කෙරේ. විදේශීය වැඩිහිටියන් සඳහා මීට පෙර අයකිරීම සිදුවූයේ රුපියල් 2,000ක් වන අතර ළමුන් සඳහා රුපියල් 1,000ක් අය කර ගන්නා ලදී.

කාලීන පුවත්