නව විදුලි ගාස්තු 30 වන දා දැනුම් දෙනවා

ලබන ජුලි මස 1 වැනිදා සිට බලාත්මක වනනව විදුලි ගාස්තු ජුනි මස 30 වැනි දින ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අද (23) පැවසීය. ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ප්‍රති යෝජනාව මහජනතාවගේ දැන ගැනීමට ප්‍රසිද්ධ කිරීමට පියවර ගෙන ඇති බවත් ශ්‍රී ලංකා විදුලි බල පනතේ 30 වන වගන්තිය සහ මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය අනුව ගාස්තු සංශෝධනයක දී ලංකා විදුලි බල මණ්ඩලය සියලු පාර්ශ්වයන්ගේ අදහස හා යෝජනා වලට ඇහුම්කන් දිය යුතු බවත් ජනක රත්නායක මහතා කීය.

කාලීන පුවත්