එජාප සජබ අනවබෝධයට පක්ෂ දෙකේම නායකයන් විසඳුම් සෙවිය යුතුයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පවතින අනවබෝධයට පක්ෂ දෙකේම නායකයින් විසින් විසඳුමක් සොයා ගැනීම අත්‍යවශ්‍ය බවත්, ඒ සඳහා දැන් කාලය පැමිණ ඇති බවත් ඉඩම්, සංචාරක, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ප්‍රධාන විපක්ෂය ආණ්ඩු බලය ලබාගැනීමට සූදානමින් සිටිය යුතු වුවත් මේ අවස්ථාවේ සමගි ජන බලවේගය එම තත්වයෙන් ඉවත්වෙමින් හිඳින බව ද ඔහු සඳහන් කරයි.ඒ අතර අර්බුදකාරී අවස්ථාවේදී කිසිවකුත් බාර ගැනීම ප්‍රතික්ෂේප කළ රට බාර ගෙන බංකොළොත් බවෙන් මුදවා ගැනීම ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සියළු දෙනා ස්තුති කළ යුතු බවත් අමාත්‍ය වරයා කීය.

කාලීන පුවත්