කඳුකරයේ වතු ආශ්‍රිත ජනතාවට මෝදි ගෙන් රුපියල් මිලියන 3000ක මුදලක්

ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දීය සම්භවයක් ඇති කඳුකර වතු වගාව ආශ්‍රිත ජනතාවගේ සුභසිද්ධිය උදෙසා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් රුපියල් මිලියන 3000ක මුදලක් ලබාදීමට නියමිත බවත්, එම මුදල් කඳුකරයේ අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂ්ත්‍රයේ දියුණුව සඳහා යෙදවීමට පියවර ගන්නා බවත් ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් හා ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසයි.එම මුදල් භාවිතා කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොටගල නගරය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට නියමිත විශ්ව විද්‍යාලය කඩිනමින් ස්ථාපිත කිරීමට ද සැලැසුම් කරන බව ඒ මහතා කියයි.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සමඟ දෙදින ඉන්දීය නිල සංචාරය නිම කරමින් ඊයේ (21) රාත්‍රියේ දිවයිනට පැමිණි අමාත්‍යවරයා කටුනායක ගුවන් කොටුපලේදි මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව කීය.

කාලීන පුවත්