කීර්තිමත් පුරාවිද්‍යාඥ ආචාර්ය ශිරාන් දැරණියගල අභාවප්‍රාප්ත වෙයි

කීර්තිමත් ශ්‍රී ලංකේය පුරා විද්‍යාඥයකු වන හිටපු පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල මහතා අද(05)අලුයම හදිසියේ අභාවප්‍රාප්ත විය.
මියයන විට 79 වැනි වියේ පසුවූ දැරණියගල මහතා 1942 මාර්තු 01 දා රත්නපුර කුරුවිට එක්නැලිගොඩ වලව්වේ උපත ලැබූ ආචාර්ය ශිරාන් දැරණියගල මහතා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලබා එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් වාස්තු විද්‍යාව හා සංස්කෘත භාෂාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියත් ශාස්ත්‍රපති උපාධියත් ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් පුරාවිද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියත් ලබා ගෙන ඇත තිබනවා.ඉන් පසු ශ්‍රී ලාංකේය පුරා විද්‍යා ක්ෂේත්‍රයට අති විශිෂ්ඨ මෙහෙවරක් කළ ඔහු 1992 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්වීම් ලබා 2001 වර්ෂය දක්වා එම ධූරයේ කටයුතු කොට තිබේ.දේහය දැනට කුරුවිට එක්නැලිගොඩ වලව්වේ තැන්පත් කොට තිබේ.

කාලීන පුවත්