කුකුල් මස් මිල අද සිට ඉහළට

අද (31) ක්‍රියාත්මක වන පරිදි කුකුල් මස් කිලෝවක මිල රුපියල් 45කින් ඉහළ දැමීමට කටයුතු කර ඇති බව ජාතික පාරිභෝගික පෙරමුණ පවසයි.

එහි සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කළේ, උත්සව සමය ඉලක්ක කරගනිමින් මෙම කූට ක්‍රියාව සිදු කරන බවයි.

ඒ අනුව කුකුල් මස් කිලෝවක මිල රුපියල් 1255ක් දක්වා ඉහළ යනු ඇති.බකුකුල් ගොවිපොළෙහි කිලෝවක මිල රුපියල් 30කින් ඉහළ දමා ඇති බව ද අසේල සම්පත් මහතා පෙන්වා දෙයි.

ශීත කළ කුකුල් මස් කිලෝවක් රුපියල් 1200කට අලෙවි කෙරෙයි.

කාලීන පුවත්