ජන්ද හැට නව ලක්ෂය අපේ තාත්තාගේ

පසුගිය ජනපතිවරණයේ දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගත් ඡන්ද හැට නව ලක්ෂය තම පියා වන මහින්ද රාජපක්ෂ මහතාගේ බවත් නමුත් අද ඊට වෙනත් පිරිස් අයිතිවාසිකම් කීම ගැන තමන් සතුටු වන බවත් ශ්‍රී ලංකා පොදු පෙරමුණු නව ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියයි. “ඇතැම් දෙනාට හිත් රිදීම් අමනාපකම් ඇති.ඒවා අමතක කරමු.අපි අලුත් ගමනක් යමු.අද පාර්ලිමේන්තුවේදී අප ලැබූ ඡන්ද හැට නව ලක්ෂයට බොහෝ දෙනා අයිතිවාසිකම් කියනවා.මට සන්තෝෂයි අපේ තාත්තාගේ එම ඡන්ද හැට නව ලක්ෂයට එක එක්කෙනා අයිතිවාසිකම් කීමේ ගැන” යනුවෙන් ද ඒ මහතා කියා සිටියේ ඊයේ(30)හම්බන්තොට දී පැවැති ජන හමුවක් අමතමිනි.මෙම ජන හමුව ශ්‍රී ලංකා පොදු පෙරමුණු සාමාජිකයන් ගෙන් සැලකිය යුතු පිරිසක් වර්ජනය කොට ඇති බව ද වාර්තා වෙයි.

කාලීන පුවත්