කෙහෙලිය ඇත්තටම ලෙඩින් ද සොයන්න වෛද්‍යවරු හත් දෙනෙක්

මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව හිඳින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වරයාගේ කරුණු දැක්වීම් අනුව හිටපු අමාත්‍යවරයා නීතිඥ වරයා පවසන ආකාරයේ රෝගාබාධවලින් පෙළෙන්නේද නැද්ද යන සොයා බැලීම සදහා වෛද්‍යවරු හත් දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කර තිබේ.ඒ කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇප ලබා ගැනීම සදහා අධිකරණයට ඉදිරිපත් කර තිබෙන වෛද්‍ය වාර්තා සත්‍ය වාර්තා බව තහවුරු වී නොමැති බවට නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය ප්‍රකාශ කිරීමෙන් පසුවය. ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අදාල කමිටුව ඒ පිළිබදව සොයා බලා පෙබරවාරි මාසයේ විසිනවවන දාට පෙර, එකී වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළ යුතු යැයි වැඩිදුරටත් නියෝග කර තිබේ.ඉමියුනිග්ලෝබියුලීන් වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා පෙබරවාරි මාසයේ තුන් වන දා රක්ෂිත බන්ධනාගාරගත කළ අතර, පසුව ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලදී.

කාලීන පුවත්