කොළඹ අධි ආරක්ෂිත කලාප ගැසට්ටුව අවංගුයි?

කොළඹ නගරයේ විශේෂ මර්මස්ථානයන් කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් නිකුත් කළ ගැසට් පත්‍රය බල රහිත කිරීම කෙරෙහි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමු වී තිබේ. ඒ අනුව දැනට නම් කොට ඇති අධිආරක්ෂිත කලාප ඉවත් කොට ඒ වෙනුවට බුද්ධි අංශ සම්බන්ධීකරණය කරගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා මහජන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රමුඛ අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.කෙසේ වෙතත් මෙම ගැසට් නිවේදනය අවලංගු කිරීමට නම් ජනාධිපතිවරයාගේ අත්සන යෙදිය යුතු බැවින් ජනාධිපතිවරයා මෙරටට පැමිණීමෙන් අනතුරුව මෙම කාර්යය සිදුකිරීමට නියමිත බව විශ්වසනීය ආරංචි මාර්ග තහවුරු කරයි.

කාලීන පුවත්