කොළඹ සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට අද (03) රාත්‍රී 8.00 සිට සිකුරාදා (04) රාත්‍රී 8.00 දක්වා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය සඳහන් කළේ අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කෙරෙන බවයි.
ඒ අනුව නුගේගොඩ, කොහුවල, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, රාවතාවත්ත, සොයිසාපුර, අඟුලාන, ඉඳිබැද්ද, කටුබැද්ද, කල්දෙමුල්ල, මෝදර, කොරළවැල්ල, එගොඩඋයන සහ කටුකුරුන්ද යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතව තිබේ.
මීට අමතරව සෙත්සිරිපාය, හිඹුටාන, උඩුමුල්ල පාර, මාලිගාගොඩැල්ල, බැංකු හන්දිය පාර, ඩබ්ලිව්.ඒ. සිල්වා මාවත, හැව්ලොක් පාර, කල්‍යාණි පාර, කොළඹ 06, රෝහල් වටරවුම් පාර, ජයන්ති මාවත සහ ශාන්ති මාවත යන ප්‍රදේශවලටද මෙම ජල කප්පාදුව සිදු කරන බවයි වාර්තාවෙයි.