ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 96කට ආසන්න අගයක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
එමෙන්ම WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද පසුගිය සෙනසුරාදා පැවති ඩොලර් 83.40 සිට ඊයේ (02) වන විට ඩොලර් 91 සීමාව පසුකර ඉහළ ගොස් තිබේ.