ගලගොඩඅත්තේ හිමිට ජම්පරය;නම වෙනුවට සිරකරු අංකයක්

ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ වෛරී ප්‍රකාශ කිරීමේ චෝදනාවට වැරදිකරු කරමින් වසර හතරකට බරපතළ සිරදඬුවම් නියම කරන ලද ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ වන විට වැලිකඩ බන්ධනාගාර “ආර්” වාට්ටුවට යොමු කර තිබේ.එමෙන්ම මේ වන විට සෙසු සිරකරුවන් ගේ මෙන් ඥානසාර හිමියන්ගේ නම ලෙස සිරකරු අංකයක් ලබා දී ඇති අතර බන්ධනාගාරය තුළදී එම අංකයෙන් පමණක් අමතනු ලැබේ.ඒ හිමියනට වැලිකඩ බන්ධනාගාරයේදී ඥානසාර හිමියන්ට සිරකරුවන් වෙනුවෙන් පොදුවේ ලබාදෙන ජම්පරය භාරදී ඇති අතර මෙවර ඥානසාර හිමියන් කිසි විරෝධයක් නොපා සිවුර ඉවත් කර ජම්පරය බාරගෙන එය ඇඳගෙන ඇති බවද වාර්තා වෙයි.

Uncategorized කාලීන පුවත්