ගැබිණි සහ කිරි දෙන මව් වරුන්ට පමණක් ත්‍රිපෝෂ

ගැබිණි සහ කිරි දෙන මව් වරුන්ට පමණක් ත්‍රිපෝෂ මේ වන විට කුඩා දරුවන් සඳහා නිකුත් කිරීමට හැකියාවක් නැතත් ගැබිණි සහ කිරිදෙන මව්වරුන් සදහා ත්‍රිපෝෂ බෙදා හැරීම ආරම්භ කර ඇතැයි ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා පවසයි. මේ යටතේ ත්‍රිපෝෂ පැකට් අටලක්ෂ පනස්දහසක් බෙදා හැරීම ආරම්භ කර තිබේ.බඩ ඉරිඟු සහ සෝයාබෝංචි හිඟය ත්‍රිපෝෂ නිෂ්පාදනය විධිමත් ලෙස සිදු කිරීමට බාධාවක් වී ඇති නමුත් ඉන්දියානු ණය ආධාර යටතේ බඩඉරිඟු සහ සෝයා බෝංචි ආනයනය කිරීමට සැපයුම්කරුවන් සමග ගිවිසුම්ගත වි ඇතැයි හෙතෙම කියයි. ඒ අනුව දරුවන් සඳහා ද කඩිනමින් ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරිමට පියවර ගන්නා බව කුලරත්න මහතා පවසයි.

කාලීන පුවත්