ගෑස් නැවක් එයි;ලබන 01දා සිට බෙදිය හැකිවෙයි

ගෑස් මෙට්‍රික් ටොන් 3,500 ක් රැගත් නෞකාවක් අද (30) පස්වරුවේ දිවයිනට ළඟා වීමට නියමිත බැවින් ලබන 01 වන දා වන විට වෙළඳපොළට ගෑස් බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි ලිට්‍රෝ සමාගම පවසයි.එම සමාගම පවසනුයේ කාලගුණ තත්ත්වය යහපත් වුවහොත් අද දිනයේදීම අදාළ නෞකාවෙන් ගෑස් ගොඩබෑමේ කටයුතු ආරම්භ කළ හැකි බවයි.ඉන් අනතුරුව තත්ත්ව පරීක්ෂණ සඳහා කාලය පැය 10 ක කාලයක් ගත වනු ඇතැයි ද ලිට්‍රෝ සමාගම පවසයි

කාලීන පුවත්