ගෑස් මිල අඩු කරනවා;ගෑස් සඟවා තබන්න එපා

පසුගිය කාලයේ ලිට්‍රෝ ගෑස් මිල රුපියල් පනහකින් වැඩි වුවද ඉදිරි දින කිහිපය තුළ ඊට වඩා වැඩි ප්‍රමාණයකින් ගෑස් මිල අඩු කිරීමට හැකි වනු ඇතැයි පවසන ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා වැඩිදුරටත් පවසනුයේ ඒ අනුව මේ දිනවල පාරිභෝගිකයන්ට ගෑස් නිකුත් නොකොට සඟවා තබා ගන්නා වෙළඳුන්ට එමඟින් පාඩු සිදුවිය හැකි බවකි.එසේ ඉදිරියේ දී ගෑස් මිල අඩු වන ප්‍රමාණය දැන්ම නිශ්චිතව කිව නොහැකි වුවත් එය රුපියල් පනහ ඉක්මවන මිල අඩු වීමක් බව ස්ථිරවම කිව හැකි යැයි ද සභාපති වරයා කියයි.

කාලීන පුවත්