ජනපති බලතල කප්පාදු කෙරෙන නව ව්‍යවස්ථා කෙටුම් පතට කැබිනට් අනුමැතිය

ජනපති බලතල කප්පාදු කෙරෙන නව ව්‍යවස්ථා කෙටුම් පතට කැබිනට් අනුමැතිය යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම් පත සඳහා ඊයේ (1) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලැබුණු බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්විණි.මෙම ව්‍යවස්ථා කෙටුම්පත ජනපති විධායක බලතල රැසක් ඉවත් කොට ජනතා පරමාධිපත්‍ය වඩාත් තහවුරු කෙරෙන්නක් බැවින් මෙම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ නායකයින් සියල්ල ගේ ද අනුමැතිය ලැබෙනු ඇති බවට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විශ්වාසය පළ කරයි.අධිකරණ අමාත්‍ය වරයා විසින් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මීට සති ගණනාවකට පෙර ගෙනා ආ කෙටුම්පතට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යෝජනා කළ ජනාධිපතිවරයාගෙ බලතල වැඩිවන ව්‍යතිරේක තිබූ බැවින් ඊට පක්ෂ නායකයින්ගේ අනුමැතිය හිමි ව නැත. නව ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට පක්ෂ නායකයින් සියල්ල ගේ අනුමැතිය ලැබුණු පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත විය යුතු ය.

කාලීන පුවත්