ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ කැළඹිලි ස්වභාවයක්

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් අද සිට වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ කාළගුණ අනාවැකියේ දැක්වුණේ.

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ කාළගුණ අනාවැකියේ වැඩි දුරටත් දැක්වුණේ.

කාලීන පුවත්