ගුරුවරුන්ට දෙගුරුන්ගෙන් ප්‍රහාර සැලසුමක් මුල් කොට පාසලක් වැසෙයි

පාසල් සිසුන් ගේ මාපියන් පිරිසක් එම පාසලේ ගුරුවරුන්ට සහ විදුහල්පති වරයාට මඟ රැක සිට පහර දීමේ සූදානමක් මත යාපනයේ අරියාලේ පූම්ඹුකාර් පාසලක් තාවකාලිකව වසා දමා තිබේ.ඒ එම පාසලේ ගණිත ගුරුවරයකු ඔහුගේ ශිෂ්‍යාවකට පාසලේ දී හා පසුව දුරකතන ඇමතුම් මාර්ගයෙන් අයුතු ලෙස බලපෑම් කොට ඇයව ලිංගිකව නැඹුරු කරවා ගැනීමට උත්සහ කිරීමේ සිදුවීමක් පිළිබඳව එම සිසුවිය දෙමව්පියන්ට තොරතුරු ප්‍රකාශ කොට ඇති අතර පසුව දෙමව්පියන් සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර තිබේ.සිද්ධිය සැලවීමත් සමගම ගම්වාසීන් පිරිසක් එම පාසලට කඩා පැන ගුරුවරයාට පහර දීමට උත්සහ කොට ඇතත් සෙසු ගුරුවරු විසින් සිද්ධියට මුහුණ දුන් ගුරුවරයාට ආරක්ෂාව සලසා තිබේ.ඒ හේතුව මත ගම්වාසීන් පාසලේ සියළුම ගුරුවරුන්ට හා විදුහල්පතිවරයාට මඟ රැක සිට පහර දීමේ සූදානමක් මත පාසල වසා දමා ඇත. යාපනයේ අධ්‍යාපන බලධාරීන් විසින් පාසල් ළමුන්ගේ දෙමව්පියන් සමග විශේෂ සාකච්ඡාවක් කැඳවා ප්‍රශ්නයට විසදුමක් ලබා ගැනීමට පියවර ගෙන ඇතත් තවම ඒ සඳහා කටයුතු යෙදී නැත.

කාලීන පුවත්