ගුරු විභාගය කල් යයි

මෙම මස 21 වනදා සිට 26 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ ගුරු විද්‍යාල අවසාන විභාගය වත්මන් කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් දින නියමයකින් තොරව කල්දමා ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම විභාගය පවත්වනු ලබන දින ඉදිරියේදී දැනුම්දෙන බව ද විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

කාලීන පුවත්