ඡන්දෙට සල්ලි නොදුන්නොත් ශ්‍රේෂ්ඨාධිකරණයට කියනවා

මැතිවරණ කටයුතු සදහා ප‍්‍රමාණවත් මූල්‍ය ප‍්‍රතිපාදන සපයා දෙන ලෙසත් එසේ නොකළ හොත් තමන් ඒ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන බවත් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා විසින් මහ බැංකු අධිපතිවරයාට ලිපියක් මඟින් දන්වා තිබේ.එමගින් මැතිවරණ කොමිසමේ සභාපති වර්යා ඉල්ලා සිටින්නේ ඉන්ධන සහ විදුලිය අඛණ්ඩව සැපයීම සදහා ලංකා විදුලිබල මණ්ඩලයට මෙන්ම ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ප‍්‍රමාණවත් ප්‍රතිපාදන ලබා දෙන ලෙසයි.නමුදු මහ බැංකු ආරංචි මාර්ග මඟින් ප්‍රකාශ වන අන්දමට මේ වන විට එම ඉල්ලීම නිසියාකාරව සපුරාලීමේ දැඩි අභියෝගයක් පවතී.

කාලීන පුවත්