රජය පලාත් පාලන මැතිවරණය කල් දැමීමේ කූටෝපායක

භාණ්ඩාගාරයේ ලේකම්වරයා ලවා දිව්රුම් ප්‍රකාශ ඉදිරිපත් කරමින් රජයට අරමුදල් නැති බවත්, මැතිවරණයට මුදල් දීමට නොහැකි බවත්, පවසමින් රජය පලාත් පාලන මැතිවරණය කල් දැමීමේ කූට උත්සහයක යෙදෙන බව සමඟි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පවසා සිටියේ රාජ්‍ය පාලන අමාත්‍යංශයේ ලේකම් නීල් හපුහින්න ලවා කරවූ මඟඩියට එරෙහිව හා භාණ්ඩාගාර ලේකම්ගේ කුමන්ත්‍රණයට විරුද්ධව ඔවුන් අධිකරණට ගොස් ජනතා පරමාධිපත්‍යය කෙලෙසීමේ වරදට ඔවුන් අධිකරණය හමුවට පමුණුවන්නට ඔවුන් ස්ථිරවම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සමඟි ජනබලවේගය කටයුතු කරන බවයි.

කාලීන පුවත්