ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් විශේෂ දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක පැවතුණ ද එම අවදානම පහව ගොස් නොමැති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර කියා සිටියේ ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසයි.

එමෙන්ම ඇතැම් දිස්ත්‍රික්කවල පළමුව මදුරුවාගේ වැඩිවීම දැකගත හැකි අතර ඉන් පසුව රෝගීන් වැඩිවීම දැකගත හැකි බව ඇය වැඩිදුරටත් කියා සිටියි.

කාලීන පුවත්