ජෙරම් ප්‍රනාන්දු බදු ගෙව්වා දැයි විමසුමක්

මේ දිනවල මහත් ආන්දෝලනයට ලක් වඇති ජෙරොම් ප්‍රනාන්දු දේවගැති වරයා විසින් රජයට ගෙවිය යුතු බදු මුදල් රජයට නිසියාකාරව ගෙවා ඇද්දැයි සොයා බැලීම සදහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතුව දේවගැති ජෙරොම් ප්‍රනාන්දුගේ ජාතික හැදුනුම්පත් අංකය හෝ වෙනත් කිසිදු තොරතුරක් නැති බව ද පැවසේ.දේවගැතිවරයාට අයත් ග්ලෝරියස් නම් දේවස්ථානයෙන්, ඔවුන් බදු ගෙවන්නේදැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විමසා ඇති නමුත්, ඔවුන් ඒ පිළිබදව කිසිදු තොරතුරක් ලබා දී නැත.දේවගැතිවරයවාගේ ග්ලෝරියස් ඩෝම් නම් දේවස්ථානය සඳහා පුන්‍යායතන සඳහා වන බදු සහනයක් ඉල්ලා හෝ එවැන්නක් ලබා දී නැති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

කාලීන පුවත්