ඩිලාන් පෙරේරාට සමන් දෙවියන්ගෙන් අනතුරු ඇඟවීමක්?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද දිනයේ හදිසි අනතුරකට මුහුණ පා නිරුපද්‍රිතව බේරී තිබේ.ඌව පරණගම හා හාලිඇල යා කරමින් ඉදිකර ඇති ලෑලි පාලමක් මත ගමන් කරද්දී ඔහු ඇද වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.මෙම පැරණි ලී පාළම අබලන් තත්ත්වයේ පසුවන අතර එය නිරීක්ෂණය සඳහා ගිය අවස්ථාවේ පාලමේ කැඩී තිබූ ලෑලි කැබැල්ලක පය තැබීම හේතුවෙන් ඔහු පාලම මත බිම ඇද වැටී ඇත.
මන්ත්‍රීවරයා පාලමෙන් ගගට ඇද නොවැටුණු අතර ඔහුට අනතුරක් සිදුව නැති මුත් ප්‍රදේශවාසීන් පවසනුයේ මෙම පාලමේ නඩත්තු කටයුතු කරදීම කෙරෙහි බලධාරීන්ගේ නෙත් අරවන මෙන් ප්‍රදේශ වාසීන් පිරිසක් පසුගිය කාලයේ ඌව පරණගම ,උමා ඇල ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරයේ දී සමන් දෙවිඳුන් උදෙසා දේව කන්නලව්වක් ද කළ බවය.සමන් දෙවියන් තම වාහනය වන සුදු ඇතු පිට වැඩ සිටින දුලබ ප්‍රතිමාවක් සහිත මෙම විහාරස්ථානය පුරාණයේ සිටම මහත් හාස්කම් සහිත පුද බිමක් බව පවසන එම ප්‍රදේශ වාසීන් වැඩි දුරටත් පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ මෙම පය පැකිලීම සමන් දෙවියන් කළ අනතුරු ඇඟවීමක් බවය.

කාලීන පුවත්