ඩීසල් රුපියල් හැත්තෑ පහකින් පෙට්‍රල් රුපියල් පනහකින් ඉහළට

ඊයේ(10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා අයිඕසී සමාගම ඉන්ධන මිල ඉහළ දමා තිබේ.ඒ අනුව, ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50කින් ඉහළ දමා ඇති බව ලංකා අයිඕසී සමාගම පවසයි.එමෙන්ම ලංකා ඛනිජ තෙල් සංස්ථාව ද මීට සාපේක්ෂව ඉදිරි දින කිහිපය තුළ ඉන්ධන මිල ඉහළ දමනු ඇතැයි පැවසේ.මෙම මිල ඉහළ යාම භාණ්ඩ සහ සේවා ගාස්තු ඉහළ නැංවීම ජන සමාජයේ සෑම යාන්ත්‍රණයක් කෙරෙහිම අතිශය අනර්ථකාරී ලෙස බලපානු ඇතැයි පැවසෙයි.

කාලීන පුවත්