තවත් ඉන්ධන නෞකා දෙකක් අද (10) සහ හෙට (11) මෙරටට ළඟා වන බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
එහි කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර සඳහන් කළේ ඩීසල් මෙට්‍රික් ටොන් 28,000ක් රැගත් නෞකාවක් සිංගප්පූරුවේ සිට හෙට 11වනදා මෙරටට ළඟා වන බවයි.
ඔක්ටේන් 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 7,000ක් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 29,000ක් රැගත් නෞකාවක් අද(10) මෙරටට පැමිණීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
එමෙන්ම ඩීසල් මෙට්‍රික් ටොන් 32,000ක් සහ සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 7,200ක් රැගෙන ආ නෞකාවක ඉන්ධන මේ වන විට කොළඹ වරායේ ගොඩබාමින් තිබේ.