දකුණු ආසියානු කරාතේ තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 87ක්

බංගලදේශයේ පැවති 10 වැනි ජ්‍යෙෂ්ඨ දකුණු ආසියානු කරාතේ ශූරතා තරගාවලිය – 2026 සහ 02 වන වයස අවුරුදු 14 න් පහළ දකුණු ආසියානු කරාතේ කුසලාන තරගාවලිය – 2026 යන තරගාවලි දෙකට සහභාගී වූ ශ්‍රී ලංකා කරාටේ කණ්ඩායම එහිදී පදක්කම් 87ක් දිනාගෙන තිබේ.

එම කණ්ඩායම ඊයේ (21) කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙන ලදි.

මෙම තරගාවලි ආසියානු කළාපයේ රටවල් 06ක කරාටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800කගේ සහභාගීත්වයෙන් පසුගිය 18 සහ 19 දිනවල බංගලදේශයේ ඩකා නුවරදී පැවැත්විය.

එහිදී ශ්‍රී ලංකා කරාතේ කණ්ඩායම රන් පදක්කම් 13ක් , රිදී පදක්කම් 25ක් සහ ලෝකඩ පදක්කම් 49ක් දිනා ගැනීමට සමත් වී තිබේ.

කරාතේ කණ්ඩායම පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ ක්‍රියාකාරී කාර්යය සාධන බළකායේ උසස් නිලධාරීන් පිරිසක් , ත්‍රිවිධ හමුදාවේ ක්‍රීඩා අංශ වල උසස් නිලධාරීන් පිරිසක් සහ ඔවුන්ගේ දෙමාපියන් විශාල පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ලදි.

කාලීන පුවත්