දැයේ සාගිනි නිවන්න ජාතික ආහාර ප්‍රවර්ධන අධිකාරියේ අලෙවිසල් යළි විවෘත කෙරේ

පසුගිය කාලයේ අකර්මන්‍යව පැවැති ශ්‍රී ලංකා ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාර මණ්ඩලය ලෙස කලින් හැඳින්වුණු ජාතික ආහාර ප්‍රවර්ධන අධිකාරියේ අලෙවිසල් කඩිනමින් විවෘත කර කර පාරිභෝගිකයාට හා ගොවි ජනතාවට සහන සැලසිය හැකි වැඩපිළිවෙලක් සකස් කිරීමට තීරණය වී තිබේ. ඒ කෘෂිකර්ම අමාත්‍යංශයේදී ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ ප්‍රගති සමාලෝචන රැස්වීමක දීය. එම අධිකාරිය විසින් පාරිභෝගිකයාගේ පහසුව සඳහා නිෂ්පාදනය කළ නිෂ්පාදන රැසක් මෙහිදී හදුන්වා දෙන ලදී. ඒ අතර කුඵබඩු සියල්ලම අඩංගු ඇසුරුමක්, පලතුරු හා ඖෂධීිය සිසිල්බීම වර්ග හා බජට් පැක් කිහිපයක් ද තිබේ. මෙරට ගොවි ජනතාව, කුඩා පරිමාණයේ කෘෂි නිෂ්පාදකයන් සහ පාරිභෝගික ජනතාව එක් කළ ව්‍යාපාර ජාලයක් වන මෙය විධිමත් පරිපාලනමය තීරණ නිවැරදි කළමණාකාරීත්වය සහ ආයතනික වංචා දූෂණ වලින් පවත්වා ගෙන ගිය හොත් මෙරට නාගරික ජනතාව අතරේ අතිශය ජනප්‍රියත්වයට පත් කළ හැකි ව්‍යාපාර ජාලයක් බවට පත් වන බව බොහෝ දෙනෙක් කියති.

Uncategorized කාලීන පුවත්