දිස්ත්‍රික්ක 09ක සරම්ප හිස ඔසවයි

මේ වන විට අප රටේ දිස්ත්‍රික්ක 09ක සරම්ප රෝගීන් වැඩිවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කරයි.ඊයේ (27) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යංශ ලේකම් වරයා ප්‍රකාශ කර සිටියේ කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, යාපනය, කුරුණෑගල සහ කල්මුණේ යන දිස්ත්‍රික්කවල සරම්ප රෝගය ව්‍යාප්ත වී ඇති බවයි.මේ දිස්ත්‍රික්ක නවයේ සිටින මාස 06 – 09ත් අතර වයසේ පසුවන ළදරුවන්ට සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදීම ජනවාරි 06දා සිදුකිරීමට නියමිත අතර, එදින පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා කාලයේදී ළඟම පිහිටි රෝහලෙන් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සායනයෙන් මෙම එන්නත ලබාගත හැකි වේ.වයස මාස 09ත් 15ත් අතර කුමන හෝ ළදරුවකුට සරම්ප මාත්‍රාව ලැබී නොමැති නම් ඒ අයට ද සරම්ප එන්නත් ලබාදීම ක්‍රියාත්මක කරන බවද විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කීය.

කාලීන පුවත්