දේශපාලනඥයකු රාජ්‍ය නායකයකු වශයෙන් අභයාරාමයට උපකාරයක් කළේ ජනාධිපති රනිල් විතරයි

අභයාරාමය යනු දේශපාලනඥයින් නිතර යන එන තැනක් වුවද දේශපාලනඥයකු සහ රාජ්‍ය නායකයකු වශයෙන් අභයාරාමයට උපකාරයක් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් යන්න තමන් පැහැදිලිව කියන බව කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝ නායක රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කීහ.වෙනත් කිසිම දේශපාලනඥයකු අභයාරාමයට උදව් කර නැති බවද ආනන්ද හිමියෝ පැවැසූහ.සම්බද්ධ ශාසනයේ උන්නතිය මෙන්ම රටවැසි ජනතාවගේ යහපත වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරන සෑම කටයුත්තකටම මහා සංඝරත්නයේ සහාය හිමි වන බව ද ආනන්ද නා හිමියෝ පැවැසූහ.මුරුත්තෙට්ටුවෙි ආනන්ද නා හිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරස්ථානයේ දී පැවැත්වුණ දානමය පුණ්‍යකර්මයෙන් අනතුරුව උන් වහන්සේ මේ බව කීහ.මෙම අවස්ථාව සඳහා නාරාහේන්පිට අභයාරාමය හා සමීප සම්බන්ධයක් පැවැත්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, කර්මාන්ත සහ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ, පාර්ලි‍මේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහත්වරු ඇතුළු තවත් පිරිසක් එක්ව සිටියහ.

කාලීන පුවත්