මර්දනකාරී ආණ්ඩුව සහ ජනාධිපතිවරයා ගෙදර යවන්න 30 වැනිදා කොළඹට එන්න

මැතිවරණ පැවැත්වීම වෙනුවට ආණ්ඩුව සහ ජනාධිපතිවරයා සිදු කරමින් සිටිනුයේ මර්දනය යොදාගෙන රට තුළ ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු වල නියැලීමට බවත් 2024 රටේ සියලු ජනතාවගේ ඊළඟ වසර පහ තීන්දු කරන වසර බැවින් ආණ්ඩුව ගෙදර යවන්න සියලු දෙනාම එකතු විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කීය. “මර්දනකාරී ආණ්ඩුව සහ ජනාධිපතිවරයා ගෙදර යවන්න රටේ සියලුම ජනතාව ජනවාරි 30 වැනිදා කොළඹට එන්න. ඒ සඳහා සමගි ජනබලවේගය මේ සඳහා නායකත්වය ලබාදෙනවා.‘‘යනුවෙන් කී මන්ත්‍රී වරයා අධිකරණය ඉදිරිපත් කර ඇති කරුණු පිළිගන්නේ නැති පාර්ලිමේන්තුවක් නිර්මාණය වුවහොත් ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙල සම්පුර්ණයෙන් විනාශ වන බව ද කීය. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරිමේ වගකීම කතානායකවරයා සතු වුවත් කතානායකවරයාගේ පෙර හැසිරීම් දෙස බැලූ විට ඔහු ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරාවිදැයි කියන ප්‍රශ්නය මතු වන බවත් රාජකරුණා මහතා වැඩිදුරටත් පැවැසීය.මන්ත්‍රී වරයා මේ බව සඳහන් ඊයේ (26) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

කාලීන පුවත්