මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත ගැන එක්සත් ජනපදය කනස්සල්ලෙන්

සිවිල් සමාජය සහ තාක්ෂණික සමාගම් ඇතුළු ප්‍රධාන පාර්ශවකරුවන්ගේ වැදගත් යෝජනා ඇතුළත් නොකර පාර්ලිමේන්තුව තුළ සම්මත කරගත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත ප්‍රකාශනයේ නිදහසට, නවෝත්පාදනයන්ට සහ පෞද්ගලිකත්වයට ඇති විය හැකි බලපෑම පිළිබඳව එක්සත් ජනපදය කනස්සල්ලෙන් පසුවන බව එක්සත් ජනපද තානාපති ජුලී චන්ග් ශ්‍රී ලංකාවට පැවසීය.සිය ට්විටර් ගිනුමේ ඇය මෙසේ සටහන් කර තිබේ.“ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් අනතුරේ හෙළීමට අමතරව, නොපැහැදිලි සහ ඕනෑවට වඩා සීමාකාරී නීති මගින් ආයෝජනවලට සහ ඩිජිටල් ආර්ථිකයේ සංවර්ධනයට බාධාවක් විය හැකි අතර, ශ්‍රී ලංකාවට අවශ්‍ය ආර්ථික වර්ධනය අඩාල කරයි. විනිවිද භාවයට ප්‍රමුඛත්වය දෙන ලෙසත්, කිසිදු නීති සම්පාදනයකින් රටේ ජනතාවගේ හඬ යටපත් නොකරන ලෙසත් එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටී.,” එහි සඳහන් වෙයි.

කාලීන පුවත්