දොස්තරලාගේ DAT එක සෞඛ්‍ය සේවකයන් ඉල්ලා සිටීම සහ කුක්කු බබාලාගේ තර්කය – විශේෂඥ වෛද්‍ය ආර්.එන්.ජී රාජපක්ෂ

vinivida

DAT දීමනාව ඉහළ දැමීමට ගෙනා යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබීම පමණි.එම මුල් දීමනාව නීතියට ඇතුලත් වී චක්‍රලේඛ ගතව ඇත. එනිසා එය ගෙවීමට මුදල් මහා භාණ්ඩාගාරයෙන් නිකුත් කර ගැනීමට රජයට සෞඛ්‍ය අමාත්‍යාංශයට නීතිමය ප්‍රතිපාදන සහ චක්‍ර ලේඛ තිබේ.අනිකුත් සේවකයින්ට මෙම DAT දීමනාව ලබා දීම ගැන නීතියේ සඳහන් නැත.

බාධක සූදානම් ව සිටීම හා ප්‍රවාහනය සම්බන්ධ(Disturbance Availability Transport ) දීමනාව හෙවත් DAT එක අලුත් දෙයක් නොවේ.එය වෛද්‍යවරුන්ට පමණක් කලක සිට ලබාදුන් ඔවුන්ගේ රාජකාරියේ ස්වභාවය අනුව ඔවුන්ටම හිමිවන විශේෂිත දීමනාවකි. මෑතදී සිදුවුණේ එම DAT දීමනාව ඉහළ දැමීමට ගෙනා යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබීම පමණි.එම මුල් දීමනාව නීතියට ඇතුලත් වී චක්‍රලේඛ ගතව ඇත. එනිසා එය ගෙවීමට මුදල් මහා භාණ්ඩාගාරයෙන් නිකුත් කර ගැනීමට රජයට සෞඛ්‍ය අමාත්‍යාංශයට නීතිමය ප්‍රතිපාදන සහ චක්‍ර ලේඛ තිබේ.අනිකුත් සේවකයින්ට මෙම DAT දීමනාව ලබා දීම ගැන නීතියේ සඳහන් නැත.මන්ද DAT දීමනාව ලෙස වෛද්‍යවරුන්ට ලබා දෙන රාජකාරි දීමනාව එම වර්ජක සේවකයින්ගේ රාජකාරි වලට කිසිම ලෙසකින් අදාල හෝ ඇතුලත්ව නැති නිසාය. එය ඔවුනට ලබා දුනහොත් එය නීති විරෝධී වන නිසා යමකු අධිකරණයට ගියොත් අනිවාර්යයෙන්ම එම දීමනාව නීති විරෝධී බවට අධිකරණයේ තීන්දුව ලැබී ඔවුන් ඉල්ලන දීමනාව ලැබුණත් එය අවලංගු වනු ඇත.
එනිසා සෞඛ්‍ය සේවක සොයුරු සොයුරියන් වැඩිවන ජීවන වියදම පියවා ගැනීමට අවශ්‍ය නම් තම තමන්ගේ රාජකාරි වලට ඇතුලත් නීතියේ සඳහන් වෙනත් දීමනාවක් වැඩිකර දෙන ලෙස ඉල්ලා සටන් කළ යුතු ය. එසේ නොමැතිව තමනට ඇති යෝග්‍යතාව නොසලකා “අරුන්ට දෙනවා නම් අපිටත් දියව්”යන කුක්කු බබාලාගේ තර්කය මත පදනම් ව නීතියේ නැති, තම සේවයට අදාල හෝ උරුම නොවන මෙවැනි දීමනාවක් නීතියට පිටින් ලබා දීමට ජනාධිපතිටවත් නොහැකිය. එය ලබා දුන හොත් අනිවාර්යයෙන්ම නීතිය ඉදිරියේ එය අවලංගු වී මේ සිදු කරන අසීරු සටන පුස්ස බින්ඳාක් මෙන් නිෂ්ඵල ව්‍යායාමයක් වනු ඇත.ඒ අතර එම නිෂ්ඵල ප්‍රයත්නය සඳහා අසරණ රෝගීන් ගේ ජීවිත රාශියක් අකාලයේ මාරයාට බිලි දීමට සිදු වන බව ද සිහියට ගන්නා ලෙස සෞඛ්‍ය සේවක සොයුරු සොයුරියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

වර්ජිත සේවකයින් සඳහා “සේවා මුර” ක්‍රමය ක්‍රියාත්මක නිසා ඔවුන්ට ක්ෂණිකව ආපසු රෝහලට පැමිණීමට කැඳවීම් ලැබෙන්නේ නැත. තම සේවා මුරය නිම කර නිවාඩුව සිටින වේලාවට තමන් කැමැති ගමනක් යෑමට, කැමැති දෙයක් කිරීමට,නිදහසේ බාධාවක් නැතුව රිසිසේ නිදා ගැනීමට ඉඩ ලැබෙයි.එනිසා D Disturbance හෙවත් බාධා දීමනාව මෙම වෛද්‍ය වරුන්ට මිසක් අනෙකුත් අයට අදාල නොවේ.

රෝහලක් යනු කාර්යාලයක් නොවේ.රෝහල දිවා රාත්‍රී නොකඩවා විවෘතව තබමින් සේවා සපයන ස්ථානයකි. එනිසා එහි සේවකයන්ට දිවා සහ රාත්‍රි සේවා මුර බෙදා දී ඇත. ඔය වර්ජිත සේවකයින් දිවා හෝ රාත්‍රි තම සේවා මුර නිම වී නිවෙස්වලට ගිය පසු නැවත සේවයට කැඳවීමක් නැත. මන්ද වෙනත් සේවා මුරයකින් වෙනත් සේවකයින් රෝහලේ එම පිරිසගේ රාජකාරි ආවරණය කරන නිසාය.නමුත් වෛද්‍ය හිගය නිසා බාහිර රෝගි අංශයේ හැර අනෙකුත් වෛද්‍ය නිලධාරීන්ට, විශේෂයෙන් වාට්ටු වල රාජකාරි කරන වෛද්‍ය වරුන්ට එලෙස දිවා සහ රාත්‍රි සේවා මුර ක්‍රමය ක්‍රියාත්මක කළ නොහැක. දහවල් කාලයේ දී වාට්ටු බලමින්, ඇතුල්වන අලුත් රෝගීන් බලමින්, සායන පවත්වමින්, සැත්කම් සිදුකරමින් සේවය සලසන ඔවුන් ගෙන් බොහොමයකට ගෙදර ගියත් නිදහසක් නැත. රාත්‍රිය එළිවෙන තුරුම විටින් විට සෙසු කාර්ය මණ්ඩලවලින් උපදෙස් පතා රාජකාරි ඇමතුම් ලැබේ. ඒ හැර ආපසු රෝහලට යාමට සිදුවන අවස්ථා ද බහුල ය.

DAT යනු කුමක්ද කියා වත් ඔය සටනට බැස ඇති බොහෝ නායකයින් නොදන්නා බවත් ඔවුන් මේ සටන් වදින්නේ”අරුන්ට දෙනවා නම් අපිටත් දියව්” යන කුක්කු බබාලාගේ තර්කය මත පදනම් ව බවත් මේ කරුණු අනුව පැහැදිලි ය. එසේ දැන සිටියා නම් මේ ඉල්ලීම වෙනුවට ඔවුන් සලසන සේවයට අදාළ වෙනත් සුදුසු දීමනාවක් වැඩිකරන ලෙස ඉල්ලා වර්ජනයක් දියත් කර එය ජය ගත හැකිව තිබුණි.

වර්ජිත සේවකයින් සඳහා “සේවා මුර” ක්‍රමය ක්‍රියාත්මක නිසා ඔවුන්ට ක්ෂණිකව ආපසු රෝහලට පැමිණීමට කැඳවීම් ලැබෙන්නේ නැත. තම සේවා මුරය නිම කර නිවාඩුව සිටින වේලාවට තමන් කැමැති ගමනක් යෑමට, කැමැති දෙයක් කිරීමට,නිදහසේ බාධාවක් නැතුව රිසිසේ නිදා ගැනීමට ඉඩ ලැබෙයි.එනිසා D Disturbance හෙවත් බාධා දීමනාව මෙම වෛද්‍ය වරුන්ට මිසක් අනෙකුත් අයට අදාල නොවේ. ඊළඟට රෝහල් ළඟ පදිංචි වී හදිසි වලට යාමට සුදානම් ව සිටීම (A Availability )ක් ද සෙසු සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට අදාල නැත.වර්ජිත සේවකයින්ට සිය සේවා මුර සඳහා වැඩට පැමිණිම සහ පිටවීම දිනකට එක් වරකි. වෛද්‍යවරුන්ට මෙන් දිනකට කිහිප වතාවක් සේවයට පැමිණීමක් නැත. එනිසා ඔවුන් හදිසි කියා ආපසු සේවයට කැඳවන්නේ නැත. එනිසා වර්ජිත සේවකයින් මෙම කොටසට සුදුසු නම් නොලබනවා පමණක් නොව, එමෙන්ම ඒ එක වරක් පැමිණීම නිසා අමතර ප්‍රවාහන දීමනාවකට ද ඔවුහු සුදුසු කම් නොලබති. වෛද්‍ය වරුන්ට කිහිප වරක්ම පැමිණීමට සිදුවීම් පමණක් නොව කි.මි.20කට ඈතින් තිබෙන තම පුද්ගලික නිවහනක සිට රාජකාරියට පැමිණිය නොහැකි ය.එනිසා රෝහල අවටින් කුලියට හෝ නිවාසයක් ලබා ගත යුතු ය. නැතහොත් සිය අඹු දරුවන් ගමේ හෝ නගරයේ නිවසක තියා ඔහු තනිවම රෝහල අවට නිවසක නැවතිය යුතු ය.අනෙකුත් සේවක පිරිසට හදිසියට රෝහලට යාමට වෛද්‍යවරු මෙන් කි.මි 20ක් ඇතුලත පදිංචි වීමට නීතිය බල නොකරයි.එනිසා ඔවුනට රෝහල් අසල නිවාස කුලියට ගත යුතු නැත. තම නිවසේ සිටම සේවයට පැමිණිය හැක. එනිසා වෛද්‍යවරුන්ට මෙන් අමතර ප්‍රවාහන දීමනාව ද (T Transport), ඔවුන්ට හිමි නැත.ඒ අනුව ඔවුන් නීතියේ නැති දීමනාවක් ඉල්ලා වර්ජනය කළ විට එයට භාණ්ඩාගාර මුදල් වෙන් කර දෙන්නේ කුමන චක්‍ර ලේඛය අනුවද? එයට පිළිතුරත් ඔවුන් ඇමැති වරයාට ලබා දිය යුතුය.
DAT යනු කුමක්ද කියා වත් ඔය සටනට බැස ඇති බොහෝ නායකයින් නොදන්නා බවත් ඔවුන් මේ සටන් වදින්නේ”අරුන්ට දෙනවා නම් අපිටත් දියව්” යන කුක්කු බබාලාගේ තර්කය මත පදනම් ව බවත් මේ කරුණු අනුව පැහැදිලි ය. එසේ දැන සිටියා නම් මේ ඉල්ලීම වෙනුවට ඔවුන් සලසන සේවයට අදාළ වෙනත් සුදුසු දීමනාවක් වැඩිකරන ලෙස ඉල්ලා වර්ජනයක් දියත් කර එය ජය ගත හැකිව තිබුණි.ඒ අනුව ඔවුන් මෙම නිසරු සටනට පාදක වන “අරුන්ට දෙනවා නම් අපිටත් දියව්”යන කුක්කු බබාලාගේ තර්කය දැන් වත් තම මනැස් වලින් ඉවත් කර ගත යුතු ය.

විශේෂඥ වෛද්‍ය ආර්.එන්.ජී රාජපක්ෂ

එතෙර - මෙතෙර