ධම්මික 21 දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරනු ලැබූ ව්‍යාපාරික ධම්මික පෙරේරා එළඹෙන ජූනි 21 දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසින් දිවුරුම් දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ධම්මික පෙරේරා මහතා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යධූරයේද ඉදිරියේදී දිවුරුම් දීමට නියමිතයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කළ මුදල් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එම මන්ත්‍රී ධූරයෙන් පසුගිය 9 වැනිදා ඉල්ලා අස්විය. ඔහු එලෙස ඉවත්වීමෙන් පුරප්පාඩුවූ එම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා ධම්මික පෙරේරා මහතා මෙසේ පත් කෙරිණ.

කාලීන පුවත්