පොසොන් පුන් පොහොය අදයි; පුද බිම් සැදැහැවතුන් ගෙන් පිරෙයි

අදට(14)යෙදී ඇති පොසොන් පුන් පොහොය නිමිත්තෙන් අනුරාධපුරය,මිහින්තලය,පොලොන්නරුව,මහනුවර,කැලණිය,මහියංගනය,මුතියංගනය,කතරගම ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන වන්දනා කරුවන්ගෙන් පිරී පවතින අතර මේ දිනවල පවත්නා ඉන්ධන හිඟය ද නොතකා ඉහත සඳහන් පුද බිම් වල රථ ගාල් පිරී ඉතිර යමින් පවතින බව ද වාර්තා වෙයි.මේ අතර අනුරාධපුරය ඇතුළු සිද්ධස්ථාන රැසක් ආශ්‍රිතව පොසොන් දන්සල් සේම වන්දනා කරුවන් සඳහා විවිධ භාණ්ඩ අලෙවිහල් විශාල ප්‍රමාණයක් ද දක්නට ලැබේ.පසුගිය කොරෝනා සමයේ රජය විසින් පනවනු ලැබූ මුව වැසුම් අනිවාර්ය කිරීමේ නීතිය ඉවත් කිරීමත් සමඟ බොහෝ වන්දනා කරුවන් මුව වැසුම් නොමැතිව මෙම සිද්ධස්ථාන වන්දනා කරහු දැකීමත් විශේෂ සිදුවීමකි. ඉකුත් කාලය පුරාම දිවයිනේ ප්‍රදේශ රැසකින් දියේ ගිලීමෙන්සිදු වූ මරණ පිළිබද පුවත් රැසක් වාර්තා වූ අතර ඒවායින් සැලකිය යුතු ප්‍රමාණයක් ඒ පුද්ගලයන් පදිංචි ප්‍රදේශවලින් බැහැර දී සිදු වූ ඒවා බව අනාවරණය වී තිබේ. එබැවින් විශේෂයෙන්ම පොසොන් සමයේ වන්දනා ගමන් යන-එන අතරේ වැව් සහ ඇලවල්වල අනාරක්ෂිත ස්ථානවල දිය නෑමට යාමේ දී අතිශය ප්‍රවේශම් සහගත වන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

කාලීන පුවත්