ඉන්ධන නැති කමින් රටම ඇනහිටින ළකුණු

ඉන්දීය ණය ආධාර යටතේ ඩීසල් මෙටි්‍රක් ටොන් 40,000ක් රැගත් නැවක් හෙට (15දා) පැමිණීමෙන් පසු එකදු ඩීසල් හෝ පෙට්‍රල් නැවක් යළි මෙරටට පැමිණෙන බවට වාර්තා වී නැත. ඒ අනුව ඩීසල් හා පෙට්‍රල් හිඟය ඉදිරි දිනවල තවත් උග්‍ර වී රටේ සමස්ත ප්‍රවාහන යාන්ත්‍රණයම ඇන හිටීමේ අවදානමක් පැන නැඟී ඇතැයි තෙල් සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.සංස්ථාව සතුව ඊයේ (13දා) වන විට ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් සහ පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 10,000ක් පමණ පැවැති අතර ඒවා අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් නිකුත් කරනු ඇති බවත් සපුගස්කන්ද පිරිපහදුව මගින් දිනපතා පෙට්‍රල් මෙට්‍රික් ටොන් 350ක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 800ක් පමණ නිපදවන නමුත් එම ප්‍රමාණයන් රටේ දෛනික ඉන්ධන අවශ්‍යතාව සපුරාලීමට කෙසේ වත් ප්‍රමාණවත් නැතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලීන පුවත්