21 කෙටුම් පත “අද නොවේ හෙට” .

21 කෙටුම් පත “අද නොවේ හෙට” 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත ඊයේ (13) පැවති කැබිනට් රැස්වීමේදී ද සම්මත කරගෙන නොමැති බව වාර්තා වේ.මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තවදුරටත් පක්ෂ නායකයින් දැනුවත් කොට ඔවුන්ගේ එකඟතාව ද ලබා ගැනීමට අවශ්‍ය බැවින් එය ලබන බ්‍රහස්පතින්දා දිනයේදී පක්ෂ කිහිපයක නායකයින් කිහිප දෙනකු වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.ඒ අනුව ඔහු වැඩිදුරටත් සඳහන් කරනුයේ ලබන සඳුදා පැවැත්වෙන මීළඟ කැබිනට් මණ්ඩල රැස්වීමේදී 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සඳහා අනුමැතිය ලබාගැනීමට අපේක්ෂා කරන බවකි. 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත ඊයේ (13) පැවති කැබිනට් රැස්වීමේදී ද සම්මත කරගෙන නොමැති බව වාර්තා වේ.මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තවදුරටත් පක්ෂ නායකයින් දැනුවත් කොට ඔවුන්ගේ එකඟතාව ද ලබා ගැනීමට අවශ්‍ය බැවින් එය ලබන බ්‍රහස්පතින්දා දිනයේදී පක්ෂ කිහිපයක නායකයින් කිහිප දෙනකු වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.ඒ අනුව ඔහු වැඩිදුරටත් සඳහන් කරනුයේ ලබන සඳුදා පැවැත්වෙන මීළඟ කැබිනට් මණ්ඩල රැස්වීමේදී 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සඳහා අනුමැතිය ලබාගැනීමට අපේක්ෂා කරන බවකි.

කාලීන පුවත්