නත්තල අද මැදියම් රැයේ උදාවෙයි;ප්‍රධාන දේවමෙහෙය කටාන හල්පෙ දෙව් මැදුරේ දී  

  තවත් අසිරිමත් නත්තලක් අද (24) මධ්‍යම රාත්‍රීයේ නත්තල උදාවන අතර ප්‍රධාන නත්තල් දේවමෙහෙය මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රී 11.45 ට කටාන, හල්පේ ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් දේවස්ථානයේදී පැවැත්වේ.මේ අතර නත්තල් සමයේ කිතුණු දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් සැපයීමට මේ වන විටත් කටයුතු කර ඇති බවත් දැනට දී ඇති ආරක්‍ෂාව ප්‍රමාණවත් නොවේ නම් පොලිස් මූලස්ථානය දැනුවත් කළ හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.එමෙන්ම ජනතාව වැඩි වශයෙන් පැමිණෙන කිතුණු සිද්ධස්ථාන හා දේවස්ථානවල ආරක්‍ෂාව තරකිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති අතර ඇතැම් කිතුණු සිද්ධස්ථාන හා දේවස්ථානවල ආරක්‍ෂාව තරකිරීමට පොලිස් ආරක්‍ෂාවට  අමතරව හමුදා ආරක්‍ෂාව ද සපයා තිබේ.ආරක්‍ෂාව පිළිබඳ ගැටලු ඇති දේවස්ථානවලට 0112472757 අංකයට අමතා තොරතුරු දියහැකි බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා වැඩි දුරටත් කීය.

කාලීන පුවත්