නාඩු වී කිලෝව රුපියල් පනස් පහ ගණනේ රජය මිලට ගනී

නාඩු වී කිලෝවක් රුපියල් 55/- බැගින් රජය විසින් මිල දී ගැනීමට ඊයේ(13) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.ඒ සහල් සදහා පාලන මිලක් ගැසට් කීරිමෙන් පසු ගොවීන්ගේ වී සඳහා ගෙවන මිළ වැඩි කරන ලෙස ගොවීන් රජයෙන් කරන ලද ඉල්ලීම අනුව ය. මේ අනුව ගොවි බිම්වලටම ගොස් නාඩු වී කිලෝව රුපියල් 55/- බැගින් 14 සිටම මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලයට උපදෙස් ලබා දී ඇති බවද අමාත්‍යවරයා කිවේ ය.
මීට පෙර වී අලෙවි මණ්ඩලය නාඩු වී කිලෝවක් මීල දී ගත්තේ රුපියල් 50/- කට ය.

කාලීන පුවත්