මානව හිමිකම් කොමසාරිස් වරිය ලංකාව ගැන කී දේට ජී.එල් ගෙන් පිළිතුරු අද

ජිනිවාහිදී පැවැත්වෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි නිත්‍ය සැසි වාරයේ දී එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලට් මහත්මිය ශ්‍රීි ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු වලට විදේශ අමාත්‍ය මහාචාර්ය ජිී එල් පිරිස් මහතා අද(14) පිළිතුරු ලබාදෙනු ඇත. මිචෙල් බැචලට් මහත්මිය කවුන්සිලයේ පලමු දිනය වු ඊයේ සිය වාර්ෂික වාර්තාව යාවත්කාලීන කළාය.’ ශ්‍රී ලංකාවේ වගවීම හා ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳව ඇයගේ විශේෂ අවධානයක් යොමු විය.
එම යාවත් කාලීන කිරීම පිළිබඳ සාමාන්‍ය විවාදය අද පෙරවරු 10.00 ට ආරම්භ වෙයි. ජිනිවාහිදී පැවැත්වෙන මෙම සැසිය ලබන මස 08 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර රටවල් 40 කට අධික සංඛ්‍යාවක මානව හිමිකම් තත්ත්වයන් එහිදී සාකච්ඡාවට ගැනේ.එහිදී මානව හිමිකම් පිළිබඳ අන්තර් ක්‍රියාකාරි විවාද 30 කට වඩා පැවැත්වීමට ද නියමිත බව පැවසෙයි.

කාලීන පුවත්