රන්ජන් ගේ සමාව ගැන ජනපතිගෙන් ප්‍රතිචාර නැහැ

බරපතළ වැඩ සහිත සිර දඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මේ දක්වා තමාට කිසිදු දැනුවත් කිරීමක් කර හෝ සාකච්ඡාවක් පවත්වා නැතැයි බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරයි.එබැවින් ඒ සම්බන්ධයෙන් පැතිරෙන වාර්තා අසත්‍ය බව ද ඔහු කීය.
කෙසේ වෙතත් රන්ජන් රාමනායක මහතා නිදහස් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හිටපු අගමැතිනී චන්ද්‍රිකා කුමාරතුංග යන මහත්ම මහත්මීන් ද ජනාධිපතිගෙන් ඉල්ලා ඇති අතර ආණ්ඩුවේ මැති ඇමති වරුන් ගෙන් යම් පිරිසක් ද රන්ජන් රාමනායක මහතාට ජනපති සමාව හිමි විය යුතුය යන ස්ථාවරයේ හිඳිති.මේ අතර ප්‍රවීණ සිනමා නිළි පොදු ජන එක්සත් පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය ද “ජනාධිපති තුමනි,කලාවේ නාමයෙන් රන්ජන්ට සමාව දෙන්න”යනුවෙන් මාධ්‍ය හමුවේ විවෘත ආයාචනයක් කළාය.

කාලීන පුවත්