නිරිත දිග මෝසම සක්‍රියයි;දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි

මේ වන විට සක්‍රිය වී ඇති නිරිත දිග මෝසම ඉදිරි දින කිහිපයේ දී දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.ඒ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල අද (04) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව පවසන එම දෙපාර්තමේන්තුව ඊට අමතරව සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් නිවේදනය කරයි. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වන අතර ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තද සුළං ඇතිවිය හැකි බව ද නිවේදනය කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනුයේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ය.

කාලීන පුවත්