බදුල්ල ගාල්ල කළුතර දිස්ත්‍රික්ක වලට නායයාමේ අනතුරු ඇඟවීම්

මේ වන විට පවතින අධික වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ බදුල්ල ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්ක තුනට නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අදියර 01 යටතේ නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කරයි.එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ සහ ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට අදියර 01 යටතේ නායයාමේ අනතුරු ඇගවිම් නිකුත් කර ඇති අතර අදියර 02 යටතේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ද මෙම නිවේදනය වලංගු වනු ඇත.මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, අගලවත්ත සහ බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 01 නායයාමේ අනතුරු ඇඟවීම් නිකුක් කර ඇත.තවද එම දිස්ත්‍රික්කයේ පාලින්දනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට ද අදියර 02 යටතේ ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නිවේදනය වලංගු වනු ඇත..

කාලීන පුවත්