පරණ ඇමති වරුන් ගෙන් නව කැබිනට් මණ්ඩලයක්

පෙබරවාරි මස මුල් සතිය තුළ කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු වන අතර කලින් කැබිනට් ඇමති වරුන් ලෙස කටයුතු කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, එස්.බී. දිසානායක, එස්.එම්. චන්ද්‍රසේන,සී.බීි රත්නායක යන පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ටමෙම නව අමාත්‍ය ධුර හිමි විමට නියමිතව ඇතැයි දැන ගන්නට තිබේ.මේ අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි වජිර අබේවර්ධන මහතාට සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දුමින්ද දිසානායක මහතාට මෙම නව කැබිනට් තනතුරු හිමි වනු ඇතැයි සඳහන් ය.පසුගිය ජනපතිවරණයේ ඡන්ද පදනම ද සළකා මෙම කැබිනට් සංයුතිය සකස් කළ යුතු බවට බැසිල් රාජපක්ෂ මහතා කළ යෝජනාවකට අනුව මෙම නව කැබිනට් මණ්ඩලය සැකසී ඇති බව පැවසෙයි.

කාලීන පුවත්