පලාත් පාලන මැතිවරණය වෙනුවට ජනපතිවරණයක්

ඉදිරි පලාත් පාලන මැතිවරණය පසෙක තිබිය දී මේ වසර අවසානයේ ජනාධිපතිවරණයක් පැවැත්වීමේ වැඩි ඉඩකඩක් පවතින බව රජය හා සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.ඉදිරි පලාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නිසි පරිදි නොලැබීම මත මැතිවරණය කල් දැමීමේ බලය තේරීම් භාර නිලධාරීන්ට හිමි වනු ඇත.එම කල් දැමීම දින විසි එකකින් ඔබ්බට යනුවෙන් සඳහන් වනු විනා එය පැවැත්විය යුතු නිශ්චිත කාල සීමාවක් පනතේ සඳහන් ව නැත. මේ අතර ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ මණ්ඩලය කොළඹ ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේදී අද (24) දැනුම් දී තිබේ.එහෙත් ඒ කුමන ඡන්දයකට දැයි පවසා නැත. ඉදිරි පලාත් පාලන මැතිවරණය පසෙක තිබිය දී මේ වසර අවසානයේ ජනාධිපතිවරණයක් පැවැත්වීමේ වැඩි ඉඩකඩක් පවතින බව රජය හා සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.ඉදිරි පලාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නිසි පරිදි නොලැබීම මත මැතිවරණය කල් දැමීමේ බලය තේරීම් භාර නිලධාරීන්ට හිමි වනු ඇත.එම කල් දැමීම දින විසි එකකින් ඔබ්බට යනුවෙන් සඳහන් වනු විනා එය පැවැත්විය යුතු නිශ්චිත කාල සීමාවක් පනතේ සඳහන් ව නැත. මේ අතර ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ මණ්ඩලය කොළඹ ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේදී අද (24) දැනුම් දී තිබේ.එහෙත් ඒ කුමන ඡන්දයකට දැයි පවසා නැත.

කාලීන පුවත්