ප්‍රමිතියෙන් තොර ඖෂධ භාවිතය ගැන විශේෂ විමර්ශනයක් – විගණකාධිපති දෙපාර්තමේන්තුව

ප්‍රමිතියෙන් තොර ඖෂධ භාවිතය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට විගණකාධිපති දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න මහතා සඳහන් කළේ, මෑතකදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳව ජාතික විගණන කාර්යාලය සිදුකළ විමර්ශනවලදී ප්‍රමිතියෙන් තොර සහ ලියාපදිංචි නොකළ ඖෂධ භාවිතය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වූ බවයි.

විගණකාධිපතිවරයා සඳහන් කළේ ප්‍රමිතියෙන් තොර ඖෂධ භාවිතය සම්බන්ධයෙන් දිගින් දිගටම විවිධ ප්‍රදේශවලින් තොරතුරු වාර්තා වන බවයි.

ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත්තේ, අදාළ තොරතුරු පදනම් කරගනිමිනි.

 

කාලීන පුවත්