පාර්ලිමේන්තුවේ මහජන සනීපාරක්ෂක පහසුකම් පුළුල් කෙරේ

පාර්ලිමේන්තුවට පැමිණෙන ආබාධ සහිත වූවන් ඇතුළු පොදු මහජනතාවට පහසුකම් සැපයීම වඩාත් පුළුල් කිරීම සදහා නවීකරණය කළ මහජන
සනීපාරක්ෂක පද්ධතියක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී දින විවෘත කෙරිණි.

පාර්ලිමේන්තු කාරක සභා සදහා සහභාගි වන පිරිස මෙන්ම පාර්ලිමේන්තුවට පැමිණෙන පාසැල් දරුවන් ඇතුළු මහජන සහභාගීත්වය දිනෙන් දින වැඩිවන බැවින් ඊට සරිලන පරිදි සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් වසර 40ක් පැරණි සනීපාරක්ෂක පද්ධතිය වඩාත් පුළුල් කොට සංවර්ධනය කිරීම මේ අනුව සිදු කර ඇත.

විශේෂයෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන ආබාධ සහිත ප්‍රජාවගේ පහසුව සදහා සනීපාරක්ෂක පහසුකම් පුළුල් කිරීමේ නියමු ව්‍යාපෘතියක් ලෙසත් මෙය ක්‍රියාත්මක කර තිබේ.

පාර්ලිමේන්තුවේ සම්බන්ධීකරණ ඉන්ජිනේරු දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය සදහා නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ඉදිකිරීම් දායකත්වය ලබා දී ඇත.

කාලීන පුවත්